• 225 ද? මිලියන 2ද ?

    ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයට අප සිතනා පරිදි ඇති එකම විසඳුම වන්නේ මහ මැතිවරණයක් පැවැත්වීමයි. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව පළකළ පෙත්සම් සඳහා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වන තීන්දුව මේ සටහන ලියන විටත් නිකුත් කර නොතිබුණි.

    කෙසේ වෙතත් නුදුරු දිනයකදීම මේ සම්බන්ධයෙන් වන තීන්දුව ලැබෙනු ඇත. මෙම තීන්දුව ජනතාව වෙනුවෙන් ලැබෙන තීන්දුවක් බවට අප ප්‍රාර්ථනා කරන අතර ඒ හරහා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට අපට අවස්ථාව ලැබේවායි විශ්වාස කරමු.

    නැවත වරක් පළමු කරුණයට යන්නේ නම් මෙම පෙත්සම් ඉදිරිපත් වී ඇති කරුණක් වන්නේ  පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225කගේ වරප්‍රසාද කඩවී ඇති බවයි. නමුත් මේ මන්ත්‍රීවරුන් පත් කරන්නේ ජනතාව හෙයින් ඔවුන්ගේ කාලසීමාවේ අවුරුද්දක් හෝ දෙකක් අඩුවීම මත තම අයිතිවාසිකම් කඩවීමක් ලෙස එක්සත් ජාතික පක්ෂය දකින්නේ නම එය වැරදීමකි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීධූරය තමන්ට හිමි දෙයක් නොමන අතර එය ජනතාවට හිමි දෙයකි.

    ජනතාව කරන්නේ තමන් වෙනුවෙන් නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට තෝරා යැවීමයි. ඒ අනුව අධිකරණයට තීරණය කිරීමට ඇත්තේ මන්ත්‍රීවරුන් 225ගේ අයිතියද එසේත් නොමැතිනම් මිලියන 20කට අධික ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවාද යන්නයි. 225ක් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන 20කට අධික ජනතාව නොසලකා හැරීමට කටයුතු කරනවාදැයි යන්න අධිකරණය අවධානය යොමුකළ යුතු කරුණක් ලෙස මම දකිමි.

    මේ අතර අග්‍රාමාත්‍ය ධුරයේ හා කැබිනට් මණ්ඩලයේ රාජකාරී කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවද අභියෝගයට ලක්කරමින් අප ශ්‍රේෂ්ඨාධිරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.

    ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරිමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට හෙයින් අප අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව මෙම අපෑල ගොනු කිරීමට කටයුතු කළෙමු. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යධූරයට හා කැබිනට් මණ්ඩලයට ලබාදුන් අතුරු තහනම හේතුවෙන් කිසිම අවස්ථාවක අග්‍රාමාත්‍ය ධූරය හෝ කැබිනට් මණ්ලය අහෝසිවීමක් සිදුව නොමැති අතර සිදුව ඇති එකම දේ වන්නේ ඔවුන්ට සිය ධූරවල රාජකාරී කිරීමට අවස්ථාවක් නොමැතිවීමයි. මේ හරහා අප ජනතාව වෙනුවේන සිදුකිරිමට නියමිතව තිබූ කටයුතු රාශියක් ඇණ හිට තිබේ.

     

Leave a reply.

You must be logged in to post a comment.