• ජනතා සහනවලට විරුද්ධවීම.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේත් හා කැබිනට් මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීමත් වළක්වාලමින් මේ වන විට අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    මෙම නියෝගය සඳහා එකඟ නොවෙමින් එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයඅ ඇපෑලක් ගොනු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අප පාර්ශ්වය දැනටමත් තීරණය කර අවසන්ය.

    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ හැකියාව ඇත්තේ මෙරට උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයටය. ඒ අනුව ව්‍යවවස්ථාව සම්බන්ධයෙන් අවසන් තීරණ ගනු ලබනු ඇත්තේද ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. ඒ අනුව මේ කරුණ තවදුරටත් අධිකරණය තුළ වාද විවාද කිරීමට දැන් අවස්ථාවක් නිර්මාණය වෙනු ඇත.

    මෙම නඩු තීන්දුව හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් ආණ්ඩුව ලබාගෙන මාසයක් තුළ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ සංවර්ධනය හා සහන ලබාදීමේ වැඩපිළිවෙළ ඇණ හිටින තත්ත්වයට පත්ව තිබේ.  මෙය අප අවුරුදු කිහිපයක් වෙනුවෙන් සැලසුම් කළ වැඩසටහනේ කෙටි කාලීන පියවර කිහිපයක් පමණි.

    එසේම දේශීය ව්‍යාපාරිකයන් අරක්ෂා කර ගැනිම කෘෂි කර්මය නැවත නගා සිටුවීම වෙනුවෙන්ද අප වැඩ කොටසක් ඉටු කළ අතර එයද මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවනු ඇත. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය සිය බලකාමය වෙනුවෙන් අවසානයේදී සිදුකර ඇත්තේ රටත්, ජනතාවත් ව්‍යාපාරිකායාත් ගැටලුවට පත්කිරීමේ වැඩසටහනකි.

    කෙසේ වෙතත් මේ වන විට රට තුළ යම් අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබේ. එය හුදෙක්ම මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්කිරිම හේතුවෙන් නිර්මාණය වූවක් නොවන අතර දිගින් දිගටම පැමිණි ආර්ථික හා දේශපාලන අර්බුදයේම ප්‍රතිඵලයකි.

    යම් කිසි හෙයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත්කිරීමෙන් අනතුරුව අපට බාධා නොකර කටයුතු කරගෙන යෑමට විපක්ෂය විසින් අවස්ථාවක් දුන්නානම් මෙම  ගැටලු මේ වන විට බොහෝවිට අවසන් වීමට තිබුණි.

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමඛ එක්සත් ජාතික පෙරමුණ මේ රට පාලනය කළ කාලය තුළදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ ලෙස ආපස්සට රැගෙන යෑමට කටයුතු කළේය. එම අවස්ථාවේදීම ඔවුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරිමට සැලසුම් සකස් කළේය.

    එවැනි තත්ත්වයක් තුළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධූරයට පත්කරනු ලැබුවේ 2005-2015 අතර කාලයේදී රට ඉදිරියට ගෙන යෑමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ අකාරය පිළිබඳව ඔහු හොඳින්ම දන්නා හෙයිනි.

    2015න් නැවතුණ රට ඉන් ඉදිරියට රැගෙන යෑමට  නම් අපට ජනතාව ඉදිරියට ගොස් ජනතාවගේ කැමැත්ත ලබාගත යුතුව තිබේ. ඒ සඳහා ඇති හොඳම අවස්ථාව වහා මහ මැතිවරණයක් පැවැත්වීමය. මහින්ද රාජපක්ෂ මහතා කවදත් ජනතාවට නියමිත කාලයටත් පෙර මැතිවරණ ලබාදුනනේය. නමුත් එක්සත් ජාතික පක්ෂය කිසිම විටක මැතිවරණ සඳහා සූදානම් නොවේ. ඔවුන් ශ්‍රි ලංකාවේ මැතිවරණ සිතියම අකුලා දැමූ පක්ෂයයි.

    මේ අවස්ථාවේදී අප සියලු දෙනාම රටේ අනාගතය ගැන සිතමින් තීන්දු තිරණ ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. එහිදී පක්ෂ, පාට භේද වැදගත් නොවේ. ශ්‍රී ලංකාවේ ශාපලත් යුද්ධය නිමා කිරිම වෙනුවෙන් ජනතාවට ඒකාරාශී වූ ආකාරයටත් වඩා ජනතාවගේ ඒකාරාශීවීමක් රට වෙනුවෙන් දැන් අවශ්‍යව ඇත යන්න මාගේ හැඟීමයි.

    තවත් ලිපියකින් හමුවෙමු!

    එතෙක් සුබ දිනයක්!

Leave a reply.

You must be logged in to post a comment.