• පළතුරු හා කාබනික බීම නිශ්පාදන සමාගම්වලට පැනවූ සීනි බදු පිළිබද සත්‍යය.

    පළතුරු හා කාබනික බීම නිශ්පාදන සමාගම්වලට පැනවූ සීනි බදු ඉවත් කිරීමක් සිදුකර ඇති බවට මේ වන විට සමාජයේ මතයක් පැතිර යමින් තිබේ. නමුත් එය සත්‍ය නොවන අතර සිදුව ඇත්තේ බදු අඩුකරමින් දේශීය කර්මාන්තකරුවන් හා එම කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවිකාව  ගැටගසා ගත් ලක්ෂ පහක් පමණ වන ජනතාවට සෙත සැලසවීමකි.

    වත්මන් රජය ආනයන ආදේශන ප්‍රතිපත්තියක් තුළින් කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති අතර එහි එක් පියවරක් වන්නේ පළතුරු නිශ්පාදය වැඩි කිරීමයි.ශ්‍රී ලංකාවේ පළතුරු නිශ්පාදනයෙන් සියයට 80ක් පමණ මිලදී ගන්නේ පැණිබීම නිශ්පාදන සමාගම්ය.

    එසේම අලියා බීම නිශ්පාදන සමාගම ශ්‍රී ලංකාව තුළ වසර 150ක් පමණ කටයුතු කරමින් සිටියි. ඔවුන් සිය නිශ්පාදන අපනයනය කරමින් ශ්‍රි ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරන සමාගමකි. එම සමාගම නිසාත් විශාල පිරිසක් සෘජු හා වක්‍ර රැකියා ලබාගෙන සිය ජීවිකාව ගෙන යමින් සිටිති.

    කෙසේ වෙතත් පසුගිය රජය පැණිබීම වල අංඩංගු සීනි ග්‍රෑම් 1 ශත 50ක බද්දක් පැනවීමට කටයුතු කළ අතර ඒ හරහා ඔවුන්ගේ බදු බර සියයට 43%කින් පමණ වැඩිවිය. මෙය සෘජුවම ඔවුන්ගේ පිරිවැය ඉහළ යෑමක් විය. ඒ හේතුවෙන් බීම කර්මානත්යේ ආයෝජන නැවතුණා පමණක් නොව එම කර්මාන්තය කඩා වැටෙන වසා දමන තත්ත්වයට පවා එම බද්ද පත්ව තිබුණි.

    මේ නිසා බොහෝ පිරිසකට රැකියා මෙන්ම ආදායම් මාර්ග අහිමි වූ අතර තවත් පිරිසකගේ ජීවිකාව අහිමිවීමේ අවධානමකට ලක්ව තිබේ. ඒ අනුව මෙම ගැටලු සඳහා කඩිනම් විසඳුමක් සෙවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ආර්ථික සභාවට මග පෙන්වීම් සිදුකර තිබුණි. ඒ අනුව ජාතික ආර්ථික සභාව පැණිබීම නිශ්පාදයන් සමග පැවැති සාකච්ඡා ගණනාවකින් අනතුරුව එම කර්මාන්තයට සහන ලාබාදෙන ලෙස ජාතික ආර්ථික සභාව තීරණය කර තිබුණි.

    ඒ සඳහා වන මගපෙන්වීම් ඔවුන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට යොමුකර තිබුණත් එවා ක්‍රියාත්මක කිරිමට ඔහු ප්‍රතික්ෂේප කර තිබුණි ඔහු එයට හේතු ලෙස දක්වා ඇත්තේ දියවැඩියාව වැළැක්වීම වෙනුවෙන් මෙම බදු පනවන බවයි.

    ලංකාවේ සමස්ත සීනි පරිභෝජනයන් පැණිබීම කර්මාන්තයට යෙදවෙන්නේ 3%කි. මේ නිසා අප කටයුතු කළ යුතු වන්නේ හැකිතාක් අඩු සීනි ප්‍රමාණයකින් බීම නිශ්පාදනය කිරීමට ඔවුන් පෙළඹවීමය.

    බදු අයකිරීම ලෝකයේ පිළිගත හැකි ක්‍රමය වන්නේ යම්කිසි  කාලයක් ලබාදී බද්ද ක්‍රියාත්මක කරවීමය. මේ අනුව අප දේශීය කර්මාන්තකරුවා දිරිගන්වන පරිදි ඔවුන්ගේ සිනි භාවිතය අඩු කිරිම සඳහා ග්‍රෑම් 6 දක්වා බදු අය කිරීම නිදහස් කිරීමට තීරණය කළෙමු.

    ඒ අනුව එම සමාගම් මේ වන විට තම බීම සඳහා සීනි ප්‍රතිශතය ග්‍රෑම් 6ට අඩු කිරීම සඳහා පර්යේෂණ කරමින් සිටියි.මන්ද යත් එවිට ඔවුන්ට බදු ගෙවීමට සිදු නොවන හෙයිනි.

    නමුත් සීනි ග්‍රෑම් 6ට වැඩි වන විට ග්‍රෑම් එකක් සඳහා සත 30 බැගින් බදු අයකිරීමක් සිදුකරනු ඇත. එමෙන්ම දේශීය පළතුරුවලින් හදන පැණිබීම සඳහා ලීටරයක ග්‍රෑම් 9ක් දක්වා බදු අය කරන්නේ නෑ නමුත් ග්‍රෑම් 9ට වඩා වැඩි වන සීනි ප්‍රමාණයට සත 30 බැගින් බදු අයකිරීමක් සිදුවෙයි.

    මේ හරහා කර්මාන්තකරුවන් ආරක්ෂා වන වන අතර එම කර්මාන්තයේ සෘජු හා වක්‍රව ජීවිකාව සකස් කරගන්නා ජනතාවද ආරක්ෂා වෙනු ඇත. අවසාන වශයෙන් පැවැසිය යුතු වන්නේ බදු අඩු කිරීමෙන් පැණිබීම පරිභෝජනයට පෙළඹවීමක් සිදු කරන නොමැති බවයි.

    තවත් ලිපියකින් හමුවෙමු!

    සුබ දවසක්!

Leave a reply.

You must be logged in to post a comment.