• ‘සුවපති’ගේ ලෙඩ වැඩ.

    රුසියාවෙන් ගෙන් වූ ප්‍රමිතියෙන් තොර ට්‍රස්ටුසුමැබ්, බ්‍රස්ටුසුමැබ් පිළිකා ඖෂධ දෙකෙන් පසුගිය වසර දෙකට මෙරටට රුපියල් බිලියන 3.8ක් අහිමි වී ඇත බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය ඊයේ අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරන ලදී.

     

    එසේම මෙම ඖෂධ දෙක ලොව කිසි සායනයකින් අද්හදාබැලීම් කර නැති බවත්, එවැනි එන්නත් මඟින් සිදු වූ මූල්‍ය පාඩුවට වඩා ජීවිත හානිය වැඩි විය හැකි බවත් ජීවිත හානීන් තක්සේරු කළ නොහැකි බවට ඔවුන් කළ ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානයක් සොමුකළ යුතු කරුණි.

    මේ සඳහා සෘජුවම වගකිව යුතු වන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත  සේනාරත්න මහතා බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. පිළිකා ඖෂධ මිල අඩුකළායැයි, ඖෂධ මිල අඩුකලායැයි කියමින් ජනතාව නොමග යැවූ රාජිත සේනාරත්න මහතාගේ කාලයේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා මේ වන හෙළිදරව් වී තිබේ.

    වත්මන් සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් ප්‍රකාශ කළේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් නිසි විගණනයක් කිරීමෙන් අනතුරුව වැඩ කටයුතු ආරම්භ කරන බවයි. මෙම විගණනයේ අවසන් වාර්තාව පැමිණි විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවූ දූෂණ හා අක්‍රමිකතා පිළිබදව ජනතාවට දැන ගැනීමට අවස්ථාවක් තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ මිලදී ගැනිම ටෙන්ඩර් පටිපාටි අනුව සිදුකළ යුතුව තිබුණත් පසුගිය කාලයේදී එය සිදුනොවුණ හෙයින් තවත් විශාල මුදල් කන්දරාවක් රටට අහිමි වී ගොස් තිබේ. කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දැනටමත් ඖෂධ මිලදී ගැනීමේ කටයුතු ටෙන්ඩර් පටිපාටි අනුව සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇත.

    පිළිකා රෝගීන් යනු සමාජයේ බොහෝ සානුකම්පාව යොමුවන පිරිසකි එවැනි රෝගීන් වෙනුවෙන් උපකාර කිරීමට ශ්‍රී ලංකීය ජනතාව නොපැළිකව කටයුතු කරන බවට ලබාදිය හැකි හොඳම උදාරහණය වූයේ මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබාගැනීම වෙනුවෙන් දියත් වූ ව්‍යාපෘතියේදීය.

    එහිදී අපේක්ෂ කළ මුදලටත් වැඩි මුදලක් කෙටි කාලයක් තුළදී පරිත්‍යාග කිරීමට ජනතාව කටයුත කළත් පෙට් ස්කෑරනය ලංකාවට ගෙන ඒම සඳහා විශාල කාලයක් ගත විය. කෙසේ වෙතත් එම ක්‍රියාදාමය කල් යැවීම පසුපස හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිටි බවට චෝදනා එල්ලවන්නටත් විය.පෙට් ස්කෑනරයෙන් පවා කොමිස් ගැනීමට ඔහු කටයුතු කිරීම එයට හේතුව විය.

    යළිත් මුලින් සඳහන් කරුණ පිළිබදව අවධානය යොමුකරන්නේ නම් අදාළ පිළිකා ඖෂධ ලංකාවේ ගෙන ඒමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකළ යුතු යන්න මාගේ හැගීමයි. ඒ හරහා වගකියවුතු සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට අවස්ථාව උදාවෙනු ඇත.

    රාජිත සේනාරත්න මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති තනතුර ලැබීම වෙනුවෙන් මීට මාස  කිහිපයකට පෙර ඔහු ‘සුවපති’ ලෙස නම්කරමින් තමන්වම සම්මානයට පාත්‍ර කරගන්නා උත්සවයක් තිබූ බව ඔබට මතක ඇත. නමුත් දැන් දැන් සුවපතිගේ ලෙඩ වැඩ එළියට එමින් තිබෙන බවනම් හොඳට පැහැදිලිය.

    තවත් ලිපියකින් හමුවෙමු.

    එතෙක් සුබ දවසක්

Leave a reply.

You must be logged in to post a comment.