• අපි එකතු වෙන්නේ ඇයි?

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වය එනම් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ශ්වය එකට එක්වීමට සාකච්ඡා පැවැත්වෙයි.

    නමුත් අපට තිබෙන මූලික ගැටලුව වන්නේ “ඇයි අපි එකතු වෙන්නේ” කියායි. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින විට අපිට එකතු විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මූලිකවම අවධානය යොමුකළ යුතු කරුණකි. මෙහිදී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති මූලිකවම බොහෝ වෙනසක් තිබීමය.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් වචන 10ක් පැවැසුවහොත් කටින් පිට වෙන්නේ අංක එක රට කියාය. කෙසේ වෙතත් ක්‍රියාවෙන් නම් එය නොපෙනේ. ඒ සඳහා හොඳහම උදාහරණ කිහිපයකි. එකක් බැඳුම්කර ගනුදෙනුවය දෙවැන්න රාජ්‍ය සම්පත් විදේශයන්ට අලෙවි කිරීමය. මුලින්ම බැඳුම්කර ගනුදෙනුවේ වංචාවක් සිදු නොවුණ බවට ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයාට අවසානයේදී බැඳුම්කර කොමිසමට ගොස් ප්‍රකාශ ලබාදීමට සිදුවිය. ඔහු බැඳුම්කර කොමිසමෙන් පිටතට පිවිස පැවැසුවේ වැරදි අඩුපාඩු සිදුවිය හැකි බවයි. ඒ අනුව දැන් ඔවුන්ද වරද පිළිගෙන තිබේ.

    මේ වන විට නායකයන් දෙන්නා ප්‍රතිපත්ති දෙකක ගමන් කරන බව හොඳින්ම පෙනෙන්නට තිබේ. මෙය හරියට කසාඳ බැදපු යුවළකට සිය කසාඳය ඉදරියට ගෙන යෑමටත් අවශ්‍ය අතරම වෙන් වෙන්ව ජීවත්වීමට අවශ්‍ය තත්ත්වයකි.

    මේ වන විට ලෝකයේ කිසිම රටක නොමැති අමුතුම දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ක්‍රියත්මක වෙමින් තිබේ. ඒ එකට එක්ව ආණ්ඩු කිරීමටත්, ඡන්දයකදී වෙන් වෙන්ව තරග කිරීමත්ය. මේ වන විට අපට බැලූ බැල්මට පෙනෙන තත්ත්වය නම් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයට ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට දැඩ අවශ්‍යතාවක් පවතින බවයි.

    මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සෘජු චෝදනා එල්ල කරමින් තිබේ. එහි ආසන්තම අවස්ථාව වන්නේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී නැව් ගණුදෙනු හා දැන්වීම් ආයතන ගැන එළිපට කතා කිරීමයි. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අල්ලස් හා දූෂණ චෝදනා පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කළේය.

    මේ අතර ජනපතිවරයා දූෂණ හා චෝදනා පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල කළේය. දෙන්නට දෙන්නා හොරා යැයි පවසමින් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේදැයි යන්න ගැටලුවකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අභූත ලෙස දූෂණ චෝදනා එල්ල කළ මෙම ආණ්ඩුවට වසර තුනක් ගතවීමට ආසන්නව තිබියදී බරපතල ලෙස දූෂණ චෝදනා එල්ල වන්නේ දිට්ඨ ධම්ම්වෙදනීය කර්මයක් පටිසන් දෙන ආකාරයටමය.

    කඩින් කඩ මැතිවරණය පැවැත්වීම ජනතා මුදල් නිකරුණේ වියදම් කිරීමක් බව පවසමින් බලයට පැමිණ ආණ්ඩුව පළාත් පාලන ඡන්දය වසර දෙකක් පමණ කල්දමා ඇත. එසේම දැන් ඔවුන්ට සිදුව ඇත්තේ පළාත් පාලන ආයතන 93ක පමණක් මැතිවරණය පැවැත්වීමටය.

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දැන් බාධාවක්වී ඇත්තේ සීමා නිර්ණයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සමයි. මේ පෙත්සම පසුපස සිටින පාර්ශ්ව මේ වන විට හෙළිදරුව් වී තිබේ. පෙත්සම්කරුවන්ට සහාය දක්වා ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයයි. ඒ අනුව සත්‍ය ලෙසින්ම මැතිවරණය පැවැත්වීම කල්දමමින් තිබෙන්නේ ජනපතිවරයා නියෝජනය කරන පාර්ශ්වයයි.

    අනෙක් අතින් ජනතා විමුක්ති පෙරමුණටද දන් රැවුලත් කැඳත් දෙකම නැති වී තිබේ. ඔවුන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සමග එක්ව කටයුතු කළේය. දැන් පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට චෝදනා එල්ල කරයි. පළාත් සභා  එකවර පැවැත්වීමට පනතක් ගෙන ආ ආණ්ඩුවට දැන් පළාත් පාලන මැතිවරණය කඩින් කඩ පැවැත්වීමට සිදුව තිබේ.

    කෙසේ වුවත් පළාත් පාලන ආයතනය 93ක හෝ ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා ගත් තීරණය අගය කළ යුතුය.

    ලෝකයෙන්ම ත්‍රස්තවාදය තුරන් කළ එකම රට බවට පත්ව සිටි ශ්‍රී ලංකාවේ උතුරුකරයේ මේ වන විට එළි පිටම මහවිරු දින සමරමින් ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරමින් කටයුතු කරමින් සිටියි. යුද්ධය කළ රණවිරුවන් සිරගතව සිටිද්දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දැන් එළිපිටම කටයුතු කරමින් සිටියි. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් තිබියදී ජනතාවට තවමත් හිටපු ආරක්ෂක ලේකම්වරයා අමතක නොවීම පිළිබඳව අපට සතුටුය.

    ඔහු යුද්ධය අවසන් කිරීමට මනා සම්බන්ධීකරණයක් කළ අතරම පසුව උතුරේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් විශේෂ වැඩපිළවෙළක්ද ක්‍රියාත්ම කළේය. එම වැඩපිළිවෙළ ආණ්ඩු පෙරළීමත් සමග අවසන්වීම  හේතුවෙන් උතුරේ නොයෙක් ප්‍රදේශවලින් අවි ආයුධ මතුවෙමින් තිබේ. ආවා නම්න් වූ කල්ලියක්ද උතුරේ නිර්මාණය වී ඇත. මේ හරහා පැහැදිලිවන්නේ ශ්‍රී ලංකාව නැවතත් ක්‍රමයෙන් ඇඳුරු යුගයක් කරා ගමන් කිරීමයි.

    දේශපාලනය කාරණා මත හිටපු සරත් ෆොන්සේකා මහතා මෙන්ම ඇතැමි දේශපාලඥයින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට මේ වන විට විවිධ චෝදනා එල්ල කර තිබේ. එසේම ඔහුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳවද තොරතුරු මේ වනි විට අණාවරණය වෙමින් තිබේ. කෙසේ වෙතත්  රාජපක්ෂවරු සිරගත කර ඔවුන් ජනතාවට කරන සේවය නවතා දැමීමට නොහැකිය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධයෙන් පසුව අත ගැසුවේ කොළඹ නගරය සංවර්ධනය කිරීමටය. එතුමාට ලැබුණ කෙටි කාලය තුළ ඔහු එම සේවය උපරිමයෙන්ම ඉටුකළේය. වත්මන් පාඨලී චම්පික රණකවක අමාත්‍යවරයාට ගෝඨාභය රාජපක්ෂ මහතා සමග හැරෙන්නටත් බැරිය. ආණ්ඩුව විවෘත කරන කොළඹ මංතීරු පවා ඉදකිරීමේ පුරෝගාමියා ගෝඨාභය රාජපක්ෂ මහතාය.

    උතුරේ ජනතාවට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබාදුන් සංවර්ධනය මේ වන විට නවත්වා ඇත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කොළඹ  සිට යාපනයට දුම්රිය ධාවනය කළේය, යුද්ධයෙන් විනාශ වී ගිය මංමාවත් බොහෝ සෙයින් සංවර්ධනය කළේය. ඔවුන්ට ඡන්ද අයිතිල ලබාදෙමින් මැතිවරණ පවා පැවැත්වීය. නමුත් යහපාලන ආණ්ඩුවට මේ කිසිවක් කිරීමට නොහැකවී ඇත. එය උතුරු නතාවගේ නොසන්සුන්කාරී තත්ත්වය ඇතිකිරිමට හේතුවක් වන්නේය.

    ත්‍රස්තවාදීන්  හා සටන් කර ජාතික ආරක්ෂාව සුරැකීමට කටයුතු කරනවානම් මානව හිමිකම් අමතක කළ යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ප්‍රකාශ කරන්නීය. අද ලෝකයේ ප්‍රවණතාවය එයයි. නමුත් ශ්‍රී ලංකා හමුදාව ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් සමග කටයුතු කළේ මානව හිමිකම් මෙන්ම යුද නීතියද අකුරටම ක්‍රියාවට නංවමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස එකල ත්‍රස්තාවාදීන් වූ බොහෝ පිරිසක් මේ වන විට පුනරුත්තාපනය වී සමාජගතව ඇත. එසේම පිරිසක් දේශපාලයටද පිවිස ඇත. මෙවැනි තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකා නායකයන් ලෝකෙ වයේ ගොස් ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරිමට කටයුතු කරයි.

    මේ වන වට වැල්ලවැටිතුරෙයි ප්‍රභාකරන්ගේන නිවස පිහිටි ස්ථානයේ ඔහුගේ උපන්දිනය කේක් කපා සැමරීහට හැකි වාතාවරණයක් නිර්මාණය වි තිබීම ගැන පාලකයන් ලැජ්ජාවට පත්විය යුතුය. එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදීන් සංවිධානයක් ලෙස නම් කළ රටවල් මෙවැනි සැමරුම් සඳහා අද වන විට මුනිවත රකිමින් සිටියි.

     

  • ඒකාධිපති පාලනය හා දිට්ඨ ධම්මවේදනීය කර්ම

    ජාත්‍යන්තරයේ සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමකින් මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භ කිරීමට අදහස් කරමි. ඒ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතාගේ පාලනයෙහි සිදු වූ කඩාවැටීම සම්බන්ධයෙනි. ඔහුගේ පාලනයෙන් දේශපාලකයන්ට ඉගෙනගැනීමට බොහෝ දේ පවතී. සිම්බාබ්වේට එවැනි අභාග්‍යසම්පන්න සිදුවීමක් නොවී ආණ්ඩු මාරුවක් සිදු වූයේ නම් නිවැරදි යැයි අප දරන මතයයි.

    නමුත් ඔහුගේ පාලනය මෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට මෙය අවස්ථාවක් නොවේ. මුගාබේ පාලනයට චෝදනා එල්ල වූයේ ඔහු ඒකාධිපති පාලකයෙකු බවටය. මෙම චෝදනාව පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයටද එල්ල විය.

    නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෘජුව තීන්දු තීරණ ගත්තේය. එවකට මැතිවරණයට එක්වූ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා එම පාර්ශ්වයෙන් මෙම සෘජු තීන්දු තීරණ ගැනීම ඒකාධිපති පාලනයක් බවට හුවා දැක්වීය. සෘජුව තීන්දු තීරණ ගැනීම හා ඒකාධිපති පාලනය අතර විශාල වෙනසක් පවතී. රටක පාලනය සඳහා සෘජු තීන්දු තිරණ ගැනීම වැදගත් ය. ලෝකයේ බොහෝ රටවල් දියුණු වී ඇත්තේ එසේ සෘජු තීන්දු තීරණ ගැනීමෙනි.

    මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය නම් සිංගප්පූරුව පාලනය කළ ලී ක්වාන් යූ ය. ඔහු සිංගප්පූරුව දියුණු කළේ එසේ සෘජු තීරණ ගැනීමෙනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මූලිකම අරමුණක් වූයේද සෘජු තීන්දු තීරණ ගැනීමය. යුද්ධයෙන් පටන් ගෙන ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර ආරම්භ කළ මෙගා ව්‍යාපෘති දක්වා වූ සියල්ලම ක්‍රියාවට නැංවූයේ එසේ සෘජු තීරණ ගැනීමේ ප්‍රතිඵල වශයෙනි.

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ නැත්තේ මෙයය. එසේ වුවද ශ්‍රී ලංකාවේ පාලකයන් මේ වනවිට ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරවමින් සිටියි. එහිදී ඒකාධිපති පාලකයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද, නැත්නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද යන්න පිළිබඳ ජනතාවට ගැටලුවක් තිබේ.  සිම්බාබ්වේ පැවැති ඒකාධිපති පාලනය හා ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ඒකාධිපති පාලනය අතර වෙනසක් නොමැත.

    වත්මන් ආණ්ඩුව මුලින්ම ඒකාධිපති ගමනක් ගමන් කළේ ගමේ පාලනය සකස් කරන පළාත් පාලන මැතිවරණය අත්තනෝමතික ලෙස කල් දමමිනි. ඉන්පසුව පළාත් සභා මැතිවරණයද කල් දැමිණි. මහ බැංකු බැඳුම්කර වංචාව, ඔස්ට්‍රේලියාවේ අල්ලස් හා දූෂණ පරීක්ෂණය, රුසියාවේ නැව් ගනුදෙනුව, උද්ඝෝෂණවලට පහරදීම ආදිය පිළිබඳ අවධානය යොමු කරන විට පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින ඒකාධිපති පාලනයයි.

    මහින්ද රාජපක්ෂ මහතාට සෘජු තීරණ ගැනීම පිළිබඳ චෝදනා එල්ල කළ වත්මන් පරිපාලකයන්ට චෝදනා එල්ල වන්නේ තීන්දු තීරණ නොගෙන අත්තනෝමතික පාලනයක් පවත්වාගෙන යෑම පිළිබඳවය.

    මේ අතර බැඳුම්කර කොමිසම හරහා තවත් වැදගත් තොරතුරු හෙළිවෙමින් පවතී. එහිදී හෙළි වූ වැදගත්ම තොරතුරක් වන්නේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් හා කෝප් කමිටු සාමාජිකයන් අතර ඇති වූ දුරකථන සංචාදයන්ය.

    එම කෝප් කමිටු සාමාජිකයන් අතරින් අමාත්‍ය දයසිරි ජයසේකර මහතා තමන්ට ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳ කරුණු පැහැදිලි කළේය. මේ අතර රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගෙන් විමසා සිටි විට ඔහු එයට පිළිතුරු දෙනවා වෙනුවට කළේ එයින් මගහැර යෑම සඳහා ප්‍රශ්නය වෙනත් අතකට යොමු කිරීමය.

    සුජීව අමාත්‍යවරයාට එයට පිළිතුරු දීමට නොහැකිය. ඔහු බැඳුම්කර ගනුදෙනුව නිවැරදි කරමින් පොතක් පවා ලියා පළ කළ තිබේ. ඉතින් ඔහුගේ දුක අපට හොඳින්ම තේරේ. අපට බොරු චෝදනා එල්ල කොට සිරගත කළ පුද්ගලයන්ට අද වනවිට දිට්ඨධම්මවේදනීය කර්ම පල දෙමින් තිබෙන්නේ මේ අයුරිනි.

    ඔවුන් මුලින්ම සඳහන් කළේ අර්ජුන් ඇලෝසියස් නොදන්නා බවයි, පසුව පැවසුවේ ඇලෝසියස් නාමල් රාජපක්ෂගේ  මිතුරෙක් බවයි.  මේ අතර මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවැසුවේ මන්ත්‍රීවරුන්ගේ දුරකථන ටැප් කිරීම හා පෞද්ගලික තොරතුරු හෙළි කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩකිරිමක් බවයි.

    නමුත් අපේ දුරකතන ටැප් කිරීම, අපි යන එන තැන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම, මාධ්‍ය සමග අපේ නිවෙස්වලට පැමිණ පරීක්ෂණ කිරීම මන්ත්‍රී වරප්‍රසාද  කඩකිරීමක් නොවන්නේදැයි ප්‍රශ්න කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    අනෙක් අතින් බැඳුම්කර වංචාව සඳහා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් සම්බන්ධ නොමැති බව පැවසුවද ඒ සඳහා ඔවුන් වගකිව යුතු වෙයි. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ පුද්ගලයෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත්කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බාරගත යුතුය. මන්ද යත් අග්‍රාමාත්‍යවරයා මහ බැංකු අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් නිර්දේශ කළද, එම පත්වීම සිදුකර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙයිනි.

    මේ අතර ඇතැම් මාධ්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැති බවට තොරතුරු වාර්තා කර තිබිණි. එම වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමිනි.

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් සිටින විට එයට එරෙහිව මේ වනවිට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. කුරහන් සුවඳ තීරු ලිපි මාලාවෙන් මීට පෙර අවස්ථාවකදී මා මේ පිළිබඳ ඔබට පැහැදිලි අවබෝධයක් ලබාදුන්නෙමි. එහිදී මා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය කල් දමාගැනීම සඳහා වත්මන් පාලනයට ඇති එකම තුරුම්පුව ලෙස එයට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාවක් ඇති බවයි. මේ වනවිට එය යථාර්ථයක් බවට පත්ව ඇත. දැන් එය අධිකරණය සතු ක්‍රියාවක් හේතුවෙන් ඒ පිළිබඳ තවදුරටත් අදහස් ප්‍රකාශ නොකරමි.

    මේ අතර පසුගියදා ගාල්ල ගිංතොට ඇති වූ සිද්ධිය පිළිබඳවද යමක් කතා කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. තිස් අවුරුදු ශාපලත් යුද්ධයකින් පසු සාමයෙන් නැගී සිටින ශ්‍රී ලංකාව තවත් එවැනිම වූ අඳුරු යුගයකට ගමන් නොකරවීමට වත්මන් පාලනය තීන්දු තීරණ ගත යුතුය. ගිංතොට ගැටුම පසුපස දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් සිටින බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත.

    ජනතාවද මීට වඩා ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වෙයි. එසේම එවැනි සිදුවීම් නැවත නැවතත් ඇතිවීම වැළැක්වීමට රජය කටයුතු කළ යුතුය. ඒ සඳහා හමුදා බුද්ධි අංශ සක්‍රිය කිරීම වැදගත් වෙයි. නමුත් මේ වනවිට ආණ්ඩුව විසින් බුද්ධි අංශ අඩපණ කර තිබීමත්, බුද්ධි අංශ  නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබීමත් නිසා බුද්ධි අංශ කෙසේ නම් සක්‍රිය කරන්නේදැයි ගැටලුවකි.

     

  • මංගලගේ මංගල අයවැය

    මංගල සමරවීර මහතාගේ අයවැය සම්පූර්ණයෙන්ම ජනතාව නොමඟ යවන බොරු පොරොන්දු මාලාවකින් සමන්විත වූ අයවැයක් ලෙස හඳුන්වාදිය හැකිය. බදු පිට බදු ගසමින් ජනතාව පිට තවදුරටත් බර පැටවීමට මෙවර අයවැයෙන් කටයුත් කෙරිණි. අයවැය පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කිරීමට මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය වෙන් කිරීමට අදහස් කරන්නෙමි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව මතින් මුදවාගැනීම සඳහා කටයුතු කරද්දී ඔහුගේ රජයේ අයවැය ඉදිරිපත් කරන මුදල් අමාත්‍යවරයා මත්පැන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි. මෙවර අයවැයෙන් බීර ලීටරයක් සඳහා අය කරන බදු මුදල අඩු කිරීමට කටයුතු කර තිබිණි. ඒ හරහා බීර මිල තවදුරටත් අඩු වී ජනතාව වැඩි වශයෙන් මත්පැනට යොමුවීමක් සිදුවනු ඇතැයි විශ්වාස කළ හැකිය.

    අයවැයට පෙර පැවැති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා මේ තීරණය සම්බන්ධයෙන් දැඩිව විරෝධය ප්‍රකාශ කළ බවට වාර්තා වුවද, එයින් එක් අකුරක් හෝ වෙනස් නොකර එය අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාවට නැංවීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කළේය. මේ අතර පැණිබීම සඳහා වන බදු වැඩි කළේය.  මෙයින් කියැවෙන්නේ පැණිබීම නොබී ජනතාවට බීර පානය කිරීමට මුදල් අමාත්‍යවරයා උපදෙස් දෙනවාය යන්නද? යුරෝපය ඇතුළු බටහිර රටවල ප්‍රධාන පානයක් බවට බීර පත්ව තිබේ. එය බටහිරකරණයේ එක් අංගයක් ලෙසද හැඳින්විය හැකිය. අයවැය හරහාද රජය බටහිරට අවශ්‍ය දේ සිදු කරමින් සිටී.

    මෙවර අයවැයේදි රජය නව බද්දක් හඳුන්වා දුන්නේය. ඒ බැංකු ගනුදෙනුවලදී සෑම රුපියල් 1000කටම ශත විස්සක බදු මුදලක් අය කිරීමයි. මෙය ගනුදෙනුකරුවාගෙන් අය නොකර සිටීමට කටයුතු කරන බව සඳහන් වුවද එය සිදු කරන ආකාරයක් සඳහන් නොවිණි. මෙවර අයවැයෙන් ආණ්ඩුව වැඩිම බදු ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කරන අංශ අතර මෙම බද්දද පවතී. එයින් ආණ්ඩුව උපයාගැනීමට අපෙක්ෂා කරන මුදල රුපියල් මිලියන 2,000 කි.

    මෙම බද්ද හඳුන්වාදෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ එය පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගෙවීම වෙනුවෙන් පනවන බවයි. ඒ බද්ද ඔහු “මැදමුලන බද්ද” ලෙස හැඳින්වීම වරදක් නැති බවද කීවේය. මෙය මැදමුලන බද්ද නොවී “යහපාලන බද්ද” බද්ද වෙන අයුරු මම මෙහිදී ඉලක්කම් සහිතව ඔබට පෙන්වා දෙමි.

    පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලය, එනම් වසර 09කදී යුද්ධය අවසන් කිරීමටත්, ලංකාවේ එදා මෙදාතුර ක්‍රියාත්මක නොවුණු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙනුත් එවකට පැවැති රජය ලබාගත් සමස්ත ණය  ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 5.2 ක් විය. නමුත් වත්මන් ආණ්ඩුව 2018 වසර අවසන් වනවිට ලබාගැනීමට අපේක්ෂා කරන ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.7 කි. ඒ අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වසර 09ටම ලබාගත් සමස්ත ණය ප්‍රමාණයෙන් 90% ක් පමණ වත්මන් ආණ්ඩුව වසර හතරක් තුළ ලබාගෙන ඇත.

    අනෙක් අතින් 2014 වසරේදී අප ආණ්ඩුව බාරදෙන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 7.4 ක් විය. නමුත් 2018 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 12 ක් වනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ අනුව ප්‍රතිශතයක් වශයෙන් ගත්විට ණය වර්ධනය 68‍% කි. මේ නිසා ආණ්ඩුව හඳුන්වාදුන් බද්ද සැබැවින්ම මැදමුලන බද්දද? එසේත් නැත්නම් යහාපලන බද්දක් දැයි ඔබටම දැන් තීරණය කළ හැකිය.

    අනෙක් අතින් පසුගිය වසර තුනක කාලයේදී බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටුණි. මේ හරහා ආණ්ඩුව ලබාගත් ලාභය ඩොලර් බිලියන 05කට අධික වෙයි. ආණ්ඩුව එදාවේල පිරිමහගැනීමට මෙම මුදල් යෙදවීම හරහා ණය ගෙවීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.

    මෙවර අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 5000 ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි. එවැනි ආකාරයක ඒකපුද්ගල ආදායම් වර්ධනයක් සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය 25%කින් වර්ධනය විය යුතුය. ඩොලර් 5000 ක ඒකපුද්ගල ආදායමක් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 106.5 ක් විය යුතුය. 2017 වසරේදී ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 84.9කි. ඒ අනුව ඩොලර් 5000 ක ඒකපුද්ගල ආදායමක් ලබාගැනීමට නම්  ආර්ථිකය 25% කින් වර්ධනය විය යුතුයි. වත්මන් ආර්ථික වර්ධන වේගය 4.5%ක්.  එවැනි තත්ත්වයකක 25%ක වර්ධනයක් ලබාගන්නේ කෙසේද යන්න ගැටලුවකි.

    වෙරිටේ රිසර්ච් ආයතනය 2017 වසරේ අයවැය පිළිබඳ කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති කරුණුවලින් වැදගත් කරුණු කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමි. ඔවුන් පවසන්නේ අයවැය යෝජනාවලින් ක්‍රියාවට නංවා ඇත්තේ 3% ක් පමණක් බවයි. යෝජනාවලින් 51% ක් කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වී නොමැත. 32% ක් අපේක්ෂිත මට්ටමින් පහළ තිබේ. යෝජනාවලින් 14% ක් සඳහා අතවත් තබා නොමැත. 2016 අයවැයේ පොරොන්දු වූ යෝජනාද මේ දක්වා ක්‍රියත්මක වී නොමැත.

    අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම, සෞඛ්‍යයට 3% ක් වෙන් කිරීම පසුගිය අයවැයෙහි යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන යෝජනා විය. ඒවා ඉටු නොවීම තබා මෙවර අයවැයෙන් ඒ පිළිබඳ කතාවක් හෝද නොවීය. මාලඹේ මහපොළ විශ්වවිද්‍යාලය, ආනයන අපනයන බැංකුව, කොළඹ ඉදිකරන බව කියූ ආසන 7000 ක සම්මන්ත්‍රණ ශාලාව, කැලණිවැලි දුම්රිය මාර්ග සංවර්ධනය යනාදී පොරොන්දු කිසිවක් ඉටු නොවීය.

    සමස්තයක් ලෙස මෙවර අයවැයට අනාගතවාදී අයවැයක් යන්න හඳුන්වාදීම ජනතාව සම්පූර්ණයෙන්ම මුළාවේ දැමීමකි. මුදල් අමාත්‍යවරයා මෙම අයවැය සකස්කර ඇත්තේ සිය නායකයන් මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් හා ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සතුටු කිරීමට ගත් උත්සාහයක් ලෙසිනි. ආර්ථිකයක හදවත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝය. මෙවර අයවැයෙන් ඔවුන් අමතක කර තිබේ. මේ අතර රජය විසින් බොහෝ දුරට සිදුකරන නැව් කළමනාකරණය පවා සම්පූර්ණයෙන්ම විජාතිකකරණය කිරීමට අයවැය හරහා කටයුතු කර තිබේ.

    මේ අතර පසුගිය දින කිහිපයේදි ඇති වූ පෙට්‍රල් අර්බුදය පිළිබඳ කතා නොකර සිටීමට නොහැකිය. එක් නැවක තෙල් ප්‍රතික්ෂේප වූ පමණින් රටක ජනතාවට තෙල්  ලබාදීමට ආණ්ඩුවට නොහැකි නම් කළ යුතුව ඇත්තේ නායකයන් ඉල්ලා අස්වීමය. යුද්ධයක් තිබියදීත්, තෙල් ටැංකිවලට ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීද්දීත් ශ්‍රී ලංකාවට හිඟයකින් තොරව තෙල් ලබාදීමට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකියාවක් තිබිණි. මේ අතර බාල තෙල් නැව බාරගන්නා ලෙස තමන්ට දේශපාලන බලපෑම් සිදු වූ බවට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වීය යුතුය.

    මේ අතර හම්බන්තොට පැවැති විරෝධතාවට එක්ව රක්ෂිත බන්ධනාගරගත කර සිටි සියල්ලන්ට ඊයේ වන විට ඇප ලබාගැනීමට අවස්ථාව  ලැබිණි. ඒ අනුව අපට අධිකරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තිබේ. ඇතැම් නඩු සම්බන්ධයෙන් අපට අධිචෝදනා ගොනුව තිබේ. මෙහිදී අප තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වාසය තබාගෙන සිටිමු. නමුත් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් තර්ජනය කළ බවට මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ. ඉතින් අපට නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වාසයක් තිබුණද එහි ඇතැම් නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳ විශ්වාසය තබා ගැනීමට නොහැක.

    ලබන සතියේදී හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • Thank you to Sri Lanka Opposition Leader R Sampanthan for the response to my tweet. Here is my reply!

    I am astonished and disappointed that an experienced and respected politician of Mr Sampanthan’s caliber has resorted to explain away his inadequacy in addressing social and economic grievances of Tamil youth on a failure to find a permanent political settlement!

    How many more generations of Tamil youth must waste their precious lives before Tamil nationalist politicians will place the future of youth ahead of their own personal political aspirations?

    Mr.Sampanthan is being disingenuous in placing the sole blame on the majority community for not being able to find a lasting solution to the ethnic conflict. An articulate gentleman like Mr.Sampanthan should not attempt to lower the political discourse by inferring racism within the Sinhala community as the cause for decades long political impasse. Racism is not a domain of anyone community, and unfortunately every community has its share of racists and bigots.

    Mr. Sampanthan’s selective amnesia fails to recognize instances like Mr. G.G. Ponnambalam’s undemocratic demand to reduce the franchise of Sinhala majority who constituted 70% of the population to mere 50% representation in Parliament, or consistent attempts by Tamil nationalists to create a divisive ethnic homeland in guise of countless political models have also been causes that prevented a lasting solution being found.

    The government that I was a part of, not only brought the war to an end, thus halting forcible recruitment of Tamil children and youth by terrorists but also rehabilitated and released 12,000 LTTE cadres for them to be able to reintegrate into society and lead normal lives again. Billions were invested on infrastructure, healthcare, education, and creating employment in Northern and Eastern Provinces. Therefore I will reiterate my earlier point that livelihood of Tamil youth should not be sacrificed in the name of devolution of powers.

    We may have our own respective political perspectives, but we should not let them have adverse impact on the welfare of young people of Sri Lanka.

     


    மிகவும் அனுபவம் வாய்ந்தவரும் நான் மதிக்கத்தக்க அரசியல்வாதியாக விளங்கும் திரு சம்பந்தன் ஐயா அவர்கள், அரசியல் தீர்வை கண்டறிவதில் தோல்வியுற்றதன் காரணமாக, தமிழ் இளைஞர்களின் சமூக மற்றும் பொருளாதார பிரச்சனைகளுக்குரிய தீர்வுகளை காண முடியாது என கூறும் இந்த  விளக்கம் எனக்கு வியப்பாகவும் ஏமாற்றமாகவும் உள்ளது.

    தமிழ் தேசியவாத அரசியல்வாதிகள் தங்கள் சொந்த அரசியல் அபிலாசைகளுக்காக இலங்கை இளைஞர்களின் எதிர்காலத்தை இன்னும் எவ்வளவு காலம் வீணடிக்க போகிறார்கள்?

    திரு சம்பந்தர் ஐயா அவர்கள் இனப்பிரச்சினைக்கு ஒரு நிரந்தர தீர்வு காணமுடியாததற்கு  பெரும்பான்மை சமூகம் மட்டுமே காரணம் என கபடமான ஒரு கருத்தை முன்வைத்துள்ளார். ஒரு பண்புள்ள மனிதரான திரு சம்பந்தன் ஐயா அவர்கள், பல தசாப்தங்களாக தொடரும் அரசியல் தீர்வு சம்பந்தமான பிரச்சனைக்கான முட்டுக்கட்டை பெரும்பான்மை இனத்தினர் மட்டுமே என இனவாதத்தை தூண்டும் விதமாக கூறுவது அழகல்ல.

    மேலும் இனவாத கருத்துக்கள் எந்தவொரு சமூகத்தினதும் பிரதிபலிப்பாகாது, துரதிர்ஷ்டவசமாக ஒவ்வொரு சமூகமும் இனவெறியாளர்கள் மற்றும் பெருங்குழப்பவாதிகளை கொண்டுள்ளது.

    அமரர் G.G பொன்னம்பலம் ஐயா அவர்களின் ஜனநாயகமற்ற கோரிக்கையான 50/50ல், 70% பெரும்பான்மையினத்தினரின் உரிமையை குறைத்து, 50% பாராளுமன்ற பிரதிநிதித்துவம் எனும் கோரிக்கையாகும். இது எப்படி சாத்தியம்? எப்பொழுதும் பெரும்பான்மை இனத்தினரை நீங்களே சீண்டிவிட்டு, எம்மை பார்த்து இனவாதிகள் என கூறுவதில் என்ன நியாயம் இருக்கின்றது ஐயா? மேலும் தமிழ் தேசியவாதிகளால் எண்ணற்ற அரசியல் மாதிரிகள் என்ற பெயரில் ஒரு பிரிவினையான இனவாத தாயகத்தை  உருவாக்குவதற்கான தொடர்ச்சியான முயற்சிகளும் ஒரு நீடித்த தீர்வு காணப்படுவதை தடுக்கின்றன. அரசாங்கங்கள் பேச்சுக்கு இறங்கி வருகின்ற ஒவ்வொரு போதிலும் தமிழ் தலைமைகள் விட்டுக்கொடுப்பற்ற நிபந்தனைகளை முன்வைத்தமைதான் இழுபறிகளுக்கு காரணம்.

    நான் ஒரு அங்கமாக இருந்த அரசாங்கம், யுத்தத்தை முடிவுக்கு கொண்டுவருவது மட்டுமல்லாமல், பயங்கரவாதிகள் தமிழ் சிறுவர்களையும் இளைஞர்களையும் பலவந்தமாக கொண்டுசெல்லப்படுவதையும், 12000 முன்னாள் போராளிகளை  புனர்வாழ்வளித்து விடுதலை செய்து அவர்கள் சமுதாயத்தில் மீண்டும் இணைவதற்கு மற்றும் மீண்டும் இயல்பான வாழ்க்கையை நடத்த வழி வகுத்தோம். வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் உட்கட்டமைப்பு, சுகாதாரம், கல்வி, வேலைவாய்ப்பு ஆகியவற்றில் பில்லியன்கள் முதலீடு செய்யப்பட்டன. யுத்தம் முடிவடைந்ததன் பின்னர் இடிபாடுகளுக்கு மத்தியில் நல்லிணக்கம் மற்றும் சகவாழ்வு பற்றி பேசி பிரயோசனம் இல்லை, ஆகையால் தான்  எமது மக்களின் வாழ்க்கைத்தரத்தை உயர்த்துவதற்காகவே எமது அரசு வடகிழக்கில் பாரிய அபிவிருத்திகளை மேற்கொண்டது. ஆகையால் எனது முந்தைய கூற்றை நான் மீண்டும் வலியுறுத்துகிறேன், தமிழ் இளைஞர்களின் வாழ்வாதார பிரச்சனைகள் அதிகாரப் பகிர்வு என்ற பெயரில் தியாகம் செய்யப்படக்கூடாது.

    நாம் இருவரும் வெவ்வேறு அரசியல் கொள்கைகளை கொண்டிருக்கலாம், ஆனால் முதலில் எமக்கு வாக்களித்த மக்களின் அடிப்படை பிரச்சனைகளை தீர்த்துவிட்டு அரசியல் பிரச்சனைகளை தீர்த்துக்கொள்ளலாம்.


    කඩිනම් හා ස්ථිර දේශපාලන විසදුමක් සොයා ගැනීමට නොහැකි වීම නිසාම,  ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ගේ සමාජීය හා අර්ථික  ගැටළු වලට විසදුම දීමට නොහැකි වූ බව පවසමින් පසුගිය දිනක  අත්දැකීම බහුල පරිණත දේශපාලකයෙකු ලෙස ආර් සම්පන්දන් මහතා කළ ප්‍රකාශය ඇසීමේන් මා පුදුමයටත් කණගාටුවත් පත් වීමි.

    දශක කිහිපයක් පුරාවට පැවති ත්‍රස්තවාදී ගැටලුව සම්පූර්ණයෙන්ම මර්ධන කොට නිදහස්  නිවහල් ජාතියක් ලෙස ජීවත්වීමට උතුරු නැගෙනහිර ජනතාවට ලබා දුන් අයිතිය උතුරේ ජාතිවාදී දේශපාලකයින්ගේ පටු අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් විනාශ කිරිම ගැන මා අතිශයින් කණගාටුවට පත් වෙමි . ආර් සම්පන්දන් මහතා ප්‍රකාශ කරන පරිදි කඩිනම් හා ස්ථිර සාර දේශපාලන විසදුමක් සොයා ගැනීමට නොහැකි වීමේ තනි වගකීම බහුතර ශ්‍රි ලාංකේය සිංහල ජාතිය ලෙස දකුණේ දේශපාලනය මතම පැටවීම කෙතරම් සාධාරණ දැයි දෙවරක් සිතා බැලිය යුතුය.

    දශක ගණනාවක් පුරාවට දිවෙන ජනවාර්ගික අර්බුදයට විසදුමක් ලබාදීමට දකුණේ දේශපාලන පක්ෂ කරන ලද උත්සාහයන් ජාතිවාදය හා අවස්ථාවාදය මත කඩාකප්පල් නොකලේ නම් මේ වන විටත් පවතින ගැටළු වලට සියළු දෙනාටම එකග විය හැකි දේශපාලන විසදුම ලගා කරගැනීමට හැකිව තිඹුණි.

    සම්බන්දන් මහතාට අමතක වූ තවත් කාරණයක් වන්නේ ජි ජී පොන්නම්බලම් මහතා ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඉල්ලීමක් වූ ඡන්ද පදනම මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල 70% පමණ වන බහුතර සිංහල නියෝජනය 50% දක්වා අඩු කිරීමට කරන ලද ඉල්ලීමත් එවක පටන් විවිධ වූ ද්‍රවිඩ ජාතිවාදී දේශපාලන නායකයින් ගේ මතභේදකාරී වෙනම ජනවාර්ගික භූමියක් නිර්මාණය කිරීමේ උත්සාහයන් නොවන්නට අප හට පැහැදිලි සියළු ජනවර්ග වලට එකග විය හැකි දේශපාලන විසදුමක් පහසුවෙන්ම සොයා ගැනීමට ඉඩකඩ තිබිනි.

    එදා මාද නියෝජනය කළ රජය දශක තුනක බියකරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් උතුරු නැගෙනහිර ජනතාව මුදවාගෙන බලහත්කාරයෙන් ත්‍රස්තවාදී කටයුතු වෙනුවෙන් තරුණ තරුණියන් පැහරගෙන යමින් ඔවුන්ගේ අනාගතය විනාශ කළ යුගයට නිමාව තැබූයේ 12000 අධික අවි අත දැරූ තරණ තරුණියන් පිරිසිකට  නැවතත් බලාපොරොත්තු සහගතව සමාජ ගතව ජිවත් වන්නට අවැසි මූලික අඩිතාලමද දමමින්ය.  යුද්ධය නිසා විනාශ වී ගිය මහා මාර්ග දුම්රිය මාර්ග අතුළු යටිතල පහසුකම් නැවත ගොඩනගමින් අප බලාපොරොත්තු වූයේ උතුරේ ඡන්ද දිනීමට වඩා ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ට පැහැබර අනාගතයකට අවශ්‍ය රැකියා ඇතුලු ඔවුන්ගේ ජීවන මට්ටම නැංවීමට අවශ්‍ය මූලික පහසුකම් ලගා කර දීමය. එහෙයින්  බලය බෙදා ගැනීම කියන කාරණය මත ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ගේ අනාගතය විනාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව යලි යලිත් ඔබට මතක් කරනු කැමැත්තෙනි.

    එම කාරණාව දකුණේ අප දේශපාලන පක්ෂ වලටද පොදුය.  අප සියළු දෙනා හට විවිධාකාර වු දේශපාලන මතිමතාන්තර හා දේශපාලන දැක්මවල් තිබිය හැකි මුත්, ඒවා මත පදනම්ව රටේ තරුණ පරපුරේ අනාගතය විනාශ වන්නා වූ තීරණ ගැනීම අප කිසිවිටෙකත් නොකල යුතු බව සිහි තබා ගැනීම වටී.

  • පෙට්‍රල් අර්බුදයෙන් පෞද්ගලීකරණයට පාඩමක්

    රජයකට කිසියම් වූ ගැටලුවක් නිරාකරණය කරගත නොහැකි වෙයිද, එහි අවසන් ප්‍රතිඵලය විඳීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවටය. මේ දිනවල පවතින පෙට්‍රල් අර්බුදයද ඒ සඳහා හොඳම උදාහරණයයි. පෙට්‍රල් අර්බුදය මේ තරම් වර්ධනය වීම පසුපස කොමිස් පිළිබඳ කතාවක් පවතී.

    අමාත්‍යාංශය නිවේදනය කරන්නේ පෙට්‍රල් අර්බුදයක් නොමැති බවය. නමුත් සාමාන්‍යයෙන් පාරේ ගමන් කරන විටත්, ඉන්ධන පිරවුම්හල් තුළට පිවිසෙන විටත් පවතින දිගු පෝලිම් ඛනිජ තෙල් අර්බුදයක් ඇතිද, නැතිද යන්න පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබාගැනීමට ප්‍රමාණවත් වෙයි.

    මීට ඉහතදීත් ඛනිජ තෙල් අර්බුදයක් ඉස්මතු විය. එහි පීඩාවද අවසානයට දැරීමට සිදුවූයේ සාමාන්‍ය ජනතාවටය. ආණ්ඩුව එම ගැටලුව අවසන් කිරීමට කටයුතු කළේ මැරයන් යොදවා විරෝධතාකරුවන්ට පහරදීම මගිනි.

    මේ දිනවල පවතින ඛනිජ තෙල් අර්බුදය පසුපස බාලතෙල් නැවක් පිළිබඳ කතාබහක් පවතී. එය රට තුළට නොගැනීම හේතුවෙන් මෙම අර්බුදය උත්සන්න වූ  බවද කියැවේ. කෙසේ වෙතත් මෙම බාලතෙල් නෞකාව ත්‍රිකුණාමලයෙන් රට තුළට ගැනීමට උත්සාහයක් පවතින බවද වාර්තා විය.

    බාලතෙල් නැව ප්‍රතික්‍ෂේප වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන සපයන තෙල් සමාගමක් තවත් නෞකාවක් ඔක්තෝබර් 02 වැනිදා වනවිට ශ්‍රී ලංකාවට යොමුකරන බව සඳහන් කළද, එයද සිදුනොවිණි. ඒ අනුව අර්බුදය තවත් උත්සන්න විය. කෙසේ වෙතත් වර්තමාන ඛනිජ තෙල් සම්බන්ධ අර්බුදය පිළිබඳ විවිධ වූ තොරතුරු වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා රටට හෙළිදරව් කිරීමට ආණ්ඩුවේ වගකීමය.

    පෞද්ගලීකරණය කිරීමේ කරුණක් හේතුවෙන් මෙම ගැටලුව ඇතිවූ බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ හරහා පෞද්ගලීකරණය පිළිබඳ ජනතාවට නව කෝණයකින් සිතීමට අවස්ථාව හිමිව තිබේ. ත්‍රිකුණාමලයේ මෙන්ම හම්බන්තොට තෙල් ටැංකි සංවර්ධනය කරන මුවාවෙන් ඉන්දියාවට ලබාදීමට රජය කටයුතු කරමින් තිබේ. මේ හරහා සිදුවන්නේ ශ්‍රී ලකා ඛනිජ තෙල් සංස්ථාවට ඇති බලය තවදුරටත් අඩුවී ඉන්දීය සමාගම්හි බලය වැඩිවීමය.

    රජයේ කොන්දේසි කඩකරමින් ඉන්දීය සමාගම් බාලතෙල් සහිත නැව් ලංකාවට ගෙන ඒමටත්, නිශ්චිත දින වකවානුවලට ඉන්ධන නැව් ශ්‍රී ලංකාවට ළඟකර වීමට ඔවුන් කටයුතු නොකරන්නේත් දැනටමත් ඔවුන් සතුව ඇති බලය හේතුවෙනි.

    මෙයින් පෙනී යන්නේ එම සමාගම් අභිමත ආකාරයට කටයුතු කරන අයුරුය. වෙළෙඳ පොළේ කොටසක් පමණක් හිමි ඉන්දීය සමාගම් මෙසේ කටයුතු කරන්නේ නම්, ඔවුන්ගේ බලය තවදුරටත් වර්ධනය වේ නම් ඔවුන් කෙසේ හැසිරෙයිද යන්න පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

    මේ අතර මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ඉදිරියේදී ඉන්දියාවට පැවැරීමට නියමිතව තිබේ. ඒ අනුව ඉදිරියේදී මත්තල ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී හා පැමිණීමේදී ගැටලු ඇතිවීමටද අවස්ථාව තිබේ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන්ද මේ ගැටලුව පවතී.

    ශ්‍රී ලංකා ආර්ථිකයේ සුවිශේෂී මර්මස්ථාන මේ ආකාරයට පෞද්ගලීකරණය කිරීමට රජය කටයුතු කිරීම ගැටලුවක් වන්නේ ඔවුන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමෙන් අවසන් ප්‍රතිවිපාක ජනතාවට දරාගැනීමට සිදුවීමය.

    පළාත් පාලන මැතිවරණය

    ආණ්ඩුව සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේදී පවත්වන බවයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ අපට නම්, මැතිවරණයක් පැවැත්වෙයිද යන්න පිළිබඳ තවමත් සැකයක් තිබේ. ආණ්ඩුව මේ වනවිට මැතිවරණයකට යෑම සතුටුදායක නොවන හෙයින් තෙවැනි පාර්ශ්වයක් ලවා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නඩුවක් ගොනු කිරීමෙන් හෝ එය කල්දමා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරයි යැයි සිතිය නොහැකිය.

    ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීමට සාකච්ඡා පවත්වමින් තිබේ. මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරග කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ටද එක්වීමට අවස්ථාව තිබේ.

    ජීවන වියදම

    වර්තමානයේ ජීවන වියදම් පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඉතිහාසයේ කිසිදු දිනයක නොවූ ලෙස පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ගොස් තිබේ. ග්‍රෑම්වලින් පොල් අලෙවි කරන තරමටම එය උග්‍ර වී තිබේ. සහල් පිළිබඳවද තත්ත්වය එසේමය. හාල් වර්ග අතළොස්සක් හැරෙන්නට සියලුම සහල් මිල රුපියල් 100 ඉක්මවා ගොස් තිබේ.

    මේ අතර ආණ්ඩුව පිටරටින් සහල් ආනයනය කරන බවද පැවසීය. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් ලංකාවට ගෙන ආ නමුත් තවමත් සහල් මිල අඩු නොවීම පසුපස කුමන්ත්‍රණයක් ඇති බව නම් මනාව පැහැදිලිය. සහල් මිල අඩු නොවන්නේ මන්දැයි යන්න පිළිබඳ ආණ්ඩුව පරීක්ෂණයක් කිරීම ඉතාමත් වැදගත් කරුණකි.

    සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් ආනයනය කිරීමේදී එම තොගය ආනයනය කළේ කවුරුන් දැයි යන්න පිළිබඳ මේ අවස්ථාවේදී ජනතාවට හෙළිදරව් කළ යුතුය. මෙතරම් සහල් ප්‍රමාණයක් ආනයනය කළද, රුපියල් 100ට අඩුවෙන් සහල් ලබාදිය නොහැකි නම් ගැටලුවක් පවතින බව මනාව පෙනීයයි.

    ජීවන වියදම් කමිටු, ආර්ථික කමිටු ආදී වශයෙන් සෑම දෙයකමට කමිටු මෙන්ම කොමිසම් පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරයි. නමුත් ඒ කමිටුවලින් හෝ කොමිසම් හරහා ජනතාවට සිදුවූ සේවයක් නොමැත. ඒ සඳහා ජනතාවගේ මුදල් වෙන් කිරීමද අපරාධයකි.

    තංගල්ල බන්ධනගාරය

    හම්බන්තොට විරෝධතාවට එක්වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිරිසගේ සුවදුක් විමසීම සඳහා ඊයේ දිනයේදීත් අපි කටයුතු කළෙමු. පසුගිය රජය යටතේ ඉදිකළ තංගල්ල බනධනාගාරයේ සේවා පවත්වාගෙන යෑම සඳහා නිලධාරීන් 100 – 150ක් පමණ අවශ්‍ය වුවද, සිටිනුයේ 30 දෙනෙකි. එය බන්ධනාගාර කටයුතු නිසි ලෙස පවත්වාගෙන යෑම සඳහා කිසිසේතම ප්‍රමාණවත් නොවේ.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!